එක් දින හැඳුනුම්පත් අදට විතරක් නිකුත් කරන්නේ නෑ

Share

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද(05) දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් වියනා ගුණතිලක මහතා සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

පරිගණක පද්ධතියේ යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවුවද අනෙක් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වියනා ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News