දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වෙලා නැහැ

Share

දුම්රිය සේවක වර්ජනය අවසන් වුවද දුම්රිය ධාවනය මෙතෙක් යථා තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, සියලු සේවකයින් මෙතෙක් සේවයට වාර්තා කර නොමැති බව ය.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව ද පාලක මැදිරිය පවසයි.

මේ අතර අද උදෑසන කන්කසන්තුරෙයි සහ බදුල්ල බලා දුම්රිය පිටත්වූ වාර්තා වෙයි.

සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැළැක්වීමට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සිදු කළ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමින් දුම්රිය සේවකයෝ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

පසුව ඊයේ පස්වරුවේ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුහු වැඩ වර්ජනය අවසන් කළහ.

Read more

Local News