පලාලි උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ නෑ

Share

යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත්කර තිබූ පලාලි ගුවන් තොටුපොළ අද (05) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු කළේය.

මෙම උත්සවය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පැවැති අතර ඒ සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාද එක්විය.

මෙම උත්සවය පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරිමේ ජාතික උත්සවය ලෙස නම්කර තිබුණත් එම උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමක් සිදුනොවිණ.

ඊයේ දිනයේදී වාර්තා වූයේ මෙම උත්සවයේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගීය ගායනා කිරිම ඉවත් කර තිබූ බවයි.

Read more

Local News