ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අගමැතිනිය දැඩිව විවේචනය කරයි

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාව දැඩිව විවේචනය කර තිබේ.

ඒ , බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා, ට්‍රම්ප් පරිපාලනය අදක්ෂ සහ කුසලතාවලින් තොර බව සඳහන් කළ විද්‍යුත් ලිපි කිහිපයක් හෙළිදරව්වීමෙන් අනතුරුවයි.

මෙම විද්‍යුත් ලිපි සම්බන්ධයෙන් අමෙරිකාවට සිය කණගාටුව පළ කළ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා තිබිණ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාගේ ප්‍රකාශයෙන් කෝපයට පත් අමෙරිකානු ජනාධිපතිවරයා, තෙරේසා මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හසුරුවන ආකාරය විවේචනය කළේ ය.

ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යය කඩිනමින් නව අග්‍රාමාත්‍යවරයකු තෝරාගැනීමට සූදානම්වීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.

ඉකුත් මස නිරත වූ බ්‍රිතාන්‍ය සංචාරයේදී වඩාත්ම තම සිත්ගත් අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින හමුවීම බව ද ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියේ බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපති ශ්‍රීමත් කිම් ඩැරොක් සමග තවදුරටත් කටයුතු කරන්නේ නැති බවයි.

ශ්‍රීමත් කිම් ඩැරොක් ද බ්‍රිතාන්‍යයට යහපත් සේවයක් ඉටුකර නැතැයි, ජනපති ට්‍රම්ප් ඊයේ කියා සිටියේය.

මේ අතර ශ්‍රීමත් කිම් ඩැරොක්ට තවදුරටත් සිය සහය ලබාදෙන බව පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ , එසේ වුවත් ඔහු ගේ විද්‍යුත් ලිපිවල අන්තර්ගත කරුණු අනුමත කරන්නේ නැති බව ද ප්‍රකාශ කළේය

Read more

Local News