වොෂින්ටන් නුවරට තද වැසි

Share

අමෙරිකාවේ වොෂින්ටන් නුවරට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඉන් අගනුවර පිහිටි රාජ්‍ය ලේඛනාගාරයට ද හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

අමෙරිකාවේ වොෂින්ටන් ඩී සී අගනුවර වෙත දරුණු පිටාර තත්ත්වයක් බලපා තිබෙනවා.

අඟල් තුනත් හතරත් අතර ප්‍රමාණයක අධික වැසි සමඟින් මෙලෙස අගනුවර වීදි පිටාර ගොස් ඒ සඳහා ගතවී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්.

හදිසි පිටාර තත්ත්වයත් සමඟින් මහාමාර්ග රැසක් අවහිර වී ඇති අතර මහා මාර්ගවල ගමන්කරමින් පැවැති රථ වාහන නතර වී ඇත්තේ මෙලෙසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කළ අමෙරිකානු කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවමින් පවසා සිටියේ හැකිතාක් නිවසට වී කාලය ගතකරන ලෙසයි.

එමෙන්ම පහත්බිම් වෙත නොයන ලෙසත් ඔවුන් ජනතාව දැනුම්වත් කළේය.

මේ අතර ජලගැලීම් හේතුවෙන් අගනුවර රජයේ ප්‍රධාන ගොඩනැඟිල්ලක් වන රජයේ ලේඛණාගාරයටද බලපෑම් එල්ලවී තිබේ.

ජලගැලීම්වලින් ලේඛනාගාරයේ කොටසක් ගිලී ගොස් ඇතත්, එහි ඇති වැදගත් ලිපිගොනු සියල්ල ආරක්ෂිතව ගබඩා කිරීමට හැකිව ඇති බව අමෙරිකානු වාර්තා පවසයි.

Read more

Local News