බබා හම්බුනාට පස්සේ නම දාමු

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සහාය දක්වන පක්ෂ සමඟ අගෝස්තු මස 11 වැනිදාට පෙර සන්ධානගත වන බව එහි නියෝජිතයින් පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ විපක්ෂ නායක නිල නිවසේ ඊයේ(09) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙහදී අදහස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ, මේ වන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කථා කර නොමැති බවයි.

අගෝස්තු මස 11 වන දා සුගතාස ක්‍රීඩාංගනයේ දී අපේක්ෂකයා කවුරුන්ද යන්න බලා ගත හැකි බව ද ඔහු පැවසීය.

වාසුදේව නානායක්කාර මහතා මෙහිදී කියා සිටියේ, නතර වී තිබුණු තැනින් නැවතත් සාකච්ඡා අරම්භ කළ බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ, නම ගැන අදහස පිළිබඳ මතයක් පැවසීම දැන්ම අවශ්‍ය නොවන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස පැමිණේවි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී ඔහු පවසා සිටියේ, කලින් එවැනි දෙයක් පැවසීම අවශ්‍ය නොවන බවත් “ බබා හම්බුනාට පස්සේ නම දාමු“ යනුවෙනි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ, සන්ධානය හදපු බවක් පවසන්නේ කවුරුන්ද යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ මෑතක පැවැත්වු සාකච්ඡාවක් නොවන බවත් පැවසු මන්ත්‍රිවරයා, දයාසිරි ජයසේකර මහතාට වඩා තමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයෙක් බවත් පැවසීය.

දයාසිරි මහත්තයා කියන තරම් ලොකු අයෙක් නොවන බව ද සඳහන් කල සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සමහර වගකීම් දරන අය සන්ධාන හදපු අය හෝ පක්ෂය දිනවපු අය නොවන බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් තමා මැතිවරණ නාම යෝජනා ලැයිස්තු 11 ක් පක්ෂයේ සාදා ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා මොවුන් එවැනි කාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ සිටි අය බැවින් ‍ඔවුන්ගේ ප්‍රකාශ ගැන එතරම් සිතිය යුතු නොවන බව ද පැවසීය.

Read more

Local News