කසළ තේ කිලෝ 4000ක් අත්අඩංගුවට

Share

කසළ තේ කිලෝග්‍රෑම් 4000කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේරාදෙණිය, පාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්යය බලකා ගම්පොල කදවුරේ නිලධාරීන් විසින් ලොරි රථයක් නවත්වා සිදුකළ සෝදියකදී අදාළ කසළ තේ තොගය සොයාගෙන ඇති බව සදහන්.

එහිදි කසළ තේ කිලෝග්‍රෑම් 4810ක තොගයක් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය

Read more

Local News