වේගෙන් ආ ලොරි රථයකට යට වී පාසල් සිසුවෙක්ට බරපතල තුවාල

Share

අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයකට යට වි පාසල් සිසුවෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

පසුව එම සිසුවාගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවාව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ඊයේ(09) පස්වරු 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් මානෙලු වත්ත ප්‍රදේශයේදිය.

මානෙලුව වත්තේ සිට තලවකැලේ ලිදුල දක්වා තේ පැළ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට මාර්ගයේ සෙල්ලම් කරමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවා ලොරි රථයේ ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි ගොස් ප්‍රධාන මාර්ගයේ වැටි තුවාල ලබා ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

ලොරි රථයේ රියදුරා සැකපිට නොර්වුඩ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසිය.

Read more

Local News