අප්‍රේල් 21 ප්‍රහාරයේ සැකකරුවන්ගේ ගිණුම් ගැන තොරතුරු දෙන්නැයි බැංකුවලට නියෝග

Share

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකට නියෝග කළේය.

ඒ, කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉම්රාන්, ඔහුගේ බිරිඳගේ සහ ඔහු සමග ඇසුරු කළේ යැයි කියන සැකකරුවන් කිහිප දෙනෙකුට අයත් බැංකු ගිණුම් පිළිබඳ විස්තරය.

එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබන අගෝස්තු 21 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

Read more

Local News