පූජිත, හේමසිරිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බලයි

Share

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) සළකා බැලීමට නියමිතව තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණි.

ඒ අනුව පසුගිය ජුලි මස 08 වනදා එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කෙරුණි.

අගවිනිසුරුවරයා එහි ප්‍රධානියා ලෙස කටයුතු කෙරන අතර සිසිරද අබෲ, බුවනෙක අළුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවැර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

Read more

Local News