රැකියාවක් දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

Share

විදුලි බල මණ්ඩලයේ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කළ හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකුව හැටන් පොලීසිය මඟින් ඊයේ(11) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකට අදාල තනතුර ලබදීම සඳහා සැකකරු විසින් රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාගෙන එම තරුණියගේ විශ්වාසය ගොඩනැගීම සඳහා එම තනතුර ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වී ඇති බවට හුවා දක්වන ව්‍යාජ ලිපි කිහිපයක්ද ලබා දී ඇත.

මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යයාලය, අග්‍රමාත්‍යය කාර්යයාලය සහ විදුලි බල මණ්ඩලයේ ලිපි ශීර්ෂ යටතේ අදාල තනතුර ලබාදීම සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි කිහිපයක් ද ලබා දි ඇති බව හැටන් පොලීසිය පවසා ඇත.

අදාල ලිපිවල එම රාජ්‍යය ආයතනවල උසස් නිලධාරීන්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණද එම ලිපි වල නිල මුද්‍රාව නොතිබුණු බව පොලීසිය පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ආදාල රාජ්‍යය ආයතනවල ලිපි ශීර්ෂ ලැබුණු ආකාරය පිළිබඳව සහ මුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් හැටන් පොලීසිය විසින් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News