ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්

Share

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වෙයි.

ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගය ශ්‍රී ලංකාවට විවෘතව පවතී.

එම Google traffic විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි.

නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත.

ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි.

ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වන බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසයි.

Read more

Local News