විදෙස් දුම්වැටි තොගයක් ගුවන්තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ තිස් දෙදහසකට අධික වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 64,600ක ප‍්‍රමාණයක් නීති විරෝධිව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඩුබායි සිට ඊයේ(12) රාත‍්‍රීයේ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් කුරුණෑගල, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක යුවළක් වන අතර, ඔවුන් දෙදෙනා සමඟ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා ද සිට ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.සී.බටවල මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කළේය.

තවද මොවුන් දෙදෙනාට රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read more

Local News