ජනපති යළි දිවයිනට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත පෞද්ගලික සංචාරය නිමා කර අද(13) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

අද උදෑසන 10 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ජනපති මෙරටට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා පසුගිය 09 වනදා දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය. ඒ සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහායි.

Read more

Local News