තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

බේරුවල, අළුත්හේන මාගල්කන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඊයේ(14) රාත්‍රි 10.00ට පමණ ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනකු අතර ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News