කාලගුණයෙන් නිවේදනයක්

Share

පුත්තලම සිට කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයන් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට(16) දිනයේ සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ක් පමණ විය හැකියි.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Read more

Local News