අද සිට වැස්සේ වැඩිවීමක්

Share

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අද(16) සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

Read more

Local News