පාන් මිල ඉහළට

Share

අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ(16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරිහිමියන්ට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News