දුන්හිඳ වංගුවේ දී සිදුවු අනතුරකින් අයෙක්ට බරපතල තුවාල

Share

බදුල්ල-මහියංගණය මාර්ගයේ දුන්හිඳ වංගුවේදී ඊයේ (17) දින ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ත්‍රිරෝද රථය එම ස්ථානයේ නවතා තිබී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි කිසිවෙක් නොසිටි නමුත් ලොරි රථයේ ගමන් කළ තිදෙනාගෙන් රියදුරාට පමණක් බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.

බරපතල තුවාල සිදුව ඇති ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරේදි ලොරි රථය ගැටීමෙන් එම ස්ථානයේ තිබු දුකරථන රැහැන් කණුවකට ද හානි සිදුව තිබේ.

බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News