කේරල ගංජා තොගයක් සමඟ අයෙක් මාට්ටු

Share

වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) සවස සිදුකළ වැටලීමකදී සැකකරු ඇතුළු කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන බෙදාහැරීම වෙනුවෙන් ප්‍රවාහනය කළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News