මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

මාදම්පේ-සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු කර්මාන්ත ශාලාවක ඊයේ(19) රාත්‍රීයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ එහි සේවය කරන සේවක පවුලක් ආසන්නයේ ඇති කුඩා නිවාසක වාසය කරමින් සිට ඇත.

ගින්න දැක ඇති ඔවුන් වහා කොහු කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ මාදම්පේ පොලීසි දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කීපයකින් ගින්න නිවා දැමීමට කටයුතු කළ බව සේවකයින් පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර අදාළ ගින්නෙන් කොහු කර්මාන්ත ශාලාවේ සවි කර තිබූ යන්ත්‍ර සූත්‍ර සියල්ල විනාශයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News