කුවේට්හි දී අසරණ වූ කතුන් 30ක් යළි දිවයිනට

Share

කුවේට් පොලිස් රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත එවා ඇත.

මෙම කාන්තාවන් අතරින් වැඩි පිරිසක් කුවේටයේ නේවාසිකාගාර තම මුදලින් මිලදී ගෙන, ඒවායේ නැවතී සිටිමින් එරට විවිධ ආයතන වල රැකියා කරමින් සිටි අය බව වාර්තා වෙයි.

ඔවුන් එසේ කටයුතු කරමින් සිටියදී, එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව, එම නේවාසිකාගාර වෙත කඩා වැදී, තමන් කුවේට් පොලීසියෙන් බව හඟවමින්, මෙම කාන්තාවන් එතෙක් උපයා ගෙන තිබූ මිල මුදල්, රත්තරන් බඩු, වෙනත් විදුලි උපකරණ ඇතුළු ඔවුන් සතු වටිනා දෑ සියල්ල සමඟින් මෙම කාන්තාවන් ද පැහැරගෙන ගොස් තිබේ.

ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින්, වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත් වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් ඇත.

පසුව කුවේට් පොලීසිය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් වීපසුව මෙම ගෘහ සේවිකාවන් පිරිස මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබේ.

Read more

Local News