බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Share

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

අද(22) පෙරවරුවේ ඔහු පාෙලිස් ස්ථානය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි බෙලිඅත්ත පොලීසිය සඳහන් කළේ.

ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තිබුණේ පසුගිය 18 වනදායි.

සැකකරු අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News