කළ සංවර්ධනය හොඳනම් අපිට ඡන්දය දෙන්න

Share

එක්සත් ජාතික පක්ෂය සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නේ සමෘද්ධි ලාභීන්ගේ පක්ෂය සැළකිල්ලට ගැනීමකින් තොරව බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ පැවති වැඩසටනකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

පසුගිය රජය සමයේ සමෘද්ධි සහනාධාරය ලබා දීමට සළකා බැලු සුදුසුකම දේශපාලන බවත් වත්මන් ආණ්ඩුව ඒ සඳහා සළකා බලන සුදුසුකම වන්නේ අඩු ආදායම් ලාභියෙකු වීම පමණක් බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

මේ වන විට අග්‍රාමාත්‍යවරයා විසින් ලක්ෂ විසිහයදාහක මුදලක් ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා යොදවා ඇති බවත් මේ සියල්ල සිදු කරන්නේ ජනතාව විසින් තමන්ට ලබා දුන් බලය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් ලෙද බවත් තලතා අතුකෝරාල මහත්මිය පැවසීය.

වත්මන් රජය විසින් සිදු කළ සංවර්ධනය පිළිබඳ සෑහිමකට පත් වේනම් ඉදිරි මැතිවරණයේ දී නැවතත් තම පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

Read more

Local News