සෞදි රියාල් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් රේගු අත්අඩංගුවට

Share

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් (89,30,000) ක් වටිනා සෞදි රියාල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ‍රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(21) සවස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.

මොහු වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන විත් තිබූ සිය පිටෙහි එල්ලා ගෙන යන ගමන් මල්ලේ ඇතුළත, මෙම සෞදි රියාල් 190,000 ක මුදල සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News