Tuesday, March 19, 2024.

නව සන්ධානයේ පාර්ශවකරුවෙකු වීමට මම සුදානම් නෑ

Share

එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ පාර්ශවකරුවෙකු වීමට සුදානමක් නොමැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

එමෙන්ම තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බවද මන්ත්‍රීවරයා පවසයි.

මෛත්‍රීපාල සිරිසෙන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන් පිලිබඳව තවමත් නිසි පිලිතුරුක් ලබා දී නොමැති බවත් ඔහු ඉදිරිපත් නොවන බව පැවසුවහොත් වෙනත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වර්තමානයේ ජනාධිපති අපෙක්ෂකයෙක් ඉදිරිපත් කර තනි පක්ෂයකට ජය ගැනීමට නොහැකි බැවින් විවිධ වු පෙරමුණු නිර්මාණ කිරීමට ප්‍රධාන පක්ෂ සුදානම් වන බවද මන්ත්‍රීවරයා එහිද වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News