ගිනි අවියක්, ජීව උණ්ඩ සමඟ සැකකරුවන් තුනක් අත්අඩංගුවට

Share

එරාවුර්, අත්තිපට්ටි ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස නිවසක පුද්ගලයින් කිහිප දෙනෙකු රැඳී සිටින බවට එරාවුර් පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලීසිය සැකකරුවන් තිදෙනෙකු සමඟ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ 16 ක් හා කඩුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25,30 හා 34 යන වයස්වල පසු‍ වන්නන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(23) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එරාවුර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News