A/L විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රසියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇති බව සදහන්.

ලබන බදාදා දිනෙන් පසුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට එමගින් ද ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව සනත් පුජිත මහතා සදහන් කළේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැරණි සහ නව නිර්දේශ අනුව පැවැත්වෙන අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

උසස් පෙළ විභාගය අගෝස්තු පස් වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read more

Local News