සියලු වතු රෝහල් රජයට පවරා ගන්නවා

Share

සියලු වතු රෝහල් රජයට පවරාගෙන එහි පරිපාලනය පළාත් සභා වෙත පවරා රජය විසින් රෝහල් වෙත මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(22) පැවති පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සම්මේලනයට එක්වෙමින්ය.

සියලු වතු රෝහල් රජයට පවරාගෙන ගත යුතු බවට තමා විසින් පසුගිය දා පැවති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් එයට අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

හොඳ වතු රෝහල් පද්දතියක් ඇත් කිරීමේ අරමුණෙන් මෙලෙස සිදු කන බවත් වතු රෝහල් රජයට පවරාගනු ලබන්නේ කොටසින් කොටස බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News