ඇල්පිටියේ පෞද්ගලික බස් රථ වර්ජනයක

Share

ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද(23) උදෑසන සිට බස් වර්ජනයකට එක්ව ඇතැයි අප වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් ‍ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ‍තිබේ.

ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ හේතුවෙන් තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු මෙම වර්ජනයට එක්ව තිබේ.

මෙම ලියාපදිංචි නොකළ බස් රථ මඟින් ජනතාව හිතුමතේ රැගෙන යන බවත්,එය කිසිදු වගකීමකින් තොරව හා අවසරයකින් තොර ක්‍රියාවක් බව ‍පෞද්ගලික බස් රථ රියදුරන් පවසයි.

මේ සම්බන්ධයෙන් මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇති බවත්, එයට නිසි පිළිතුරක් හිමිවන තෙක් මෙම වර්ජනය සිදු කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දහවල් වන විට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද මෙම වර්ජනයට එක් වෙනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන් පවසන නමුත්, මේ වන විට ලංගම බස් රථ නොකඩවා ධාවනයේ යෙදෙන බව වාර්තා වෙයි.

Read more

Local News