මොල්ලිගොඩ දී සිදුවු අනතුරකින් අයෙක්ට බරපතල තුවාල

Share

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේදී අද(23) අළුයම 5.00ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත තර තිබෙන බව පොලිසිය පවසයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් අතුරු මාර්ගයෙන් පැමිණි යතුරුපැදියකද ගැටී වේගය පාලනය කර ගත නොහැකිව කොළඹ දෙසින් පැමිණි මෝටර් රථයකද ගැටී මෙම අනතරු සිදුව තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වාද්දුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News