අද කොළඹ ප්‍රදේශ රැසකට අඩුවෙන් වතුර

Share

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද(23) පස්වරු 06.00 සිට හෙට(24) පෙරවරු 10.00 දක්වා පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලටත් මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.

මීට අමතරව කොළඹ 3,4,5,6 සහ හෝකන්දර යන ප්‍රදේශවලට මෙම කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News