ජනතාව දන්නේ නැති දේ මෙන්න

Share

සංවර්ධන වැඩ සටහන්වල මාධ්‍ය ප්‍රචාර සහ මාධ්‍ය සංදර්ශන නොමැතිවීම හේතුවෙන් ඒවා පිළිබඳව ජනතාව දැනුවත්වීමක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 20 ක මුදලක් වැය කරමින් සංවර්ධනය කළ ඇහැලියගොඩ පලීගල බොරලුව පාරේ වෙරලුගහ හංදියේ සිට කටු කුඹුර හංදිය දක්වා මාර්ගය කොන්ක්‍රිට් කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

“අපේ අගමැතිතුමා බිලියන වලින් ගත්තොත් බිලියන 2.7 ක් මිලියන 2600 ක් ලක්ෂ වලින් නම් 26000 ක් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න වෙහෙර විහාර පන්සල් හදන්න වියදම් කරලා තියෙනවා.ඒ අපේ ඔබේ සල්ලි නෙවෙයි.මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්.

මේ මුදල් පාවිච්චි කරලා ඔය ආගම ගැන මහ ලොකුවට කථා කරපු අය නොකරපු වැඩ කොටසක් අගමැතිතුමා ලක්ෂ 26000 ක් ලබාදීලා තියෙනවා.ලෝක බැංකු ආධාර යටතේ මේ දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දෙන්න ලක්ෂ 23000 ක වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

ඒත් ඒවා ගැන ප්‍රචාරය කරන්න කටවුට් ගහන්න දැන්වීම් දාන්න බෝඩ් ගහන්න අපි වියදම් කළේ නැහැ.අපි අද නාස්තිය දූෂණය අඩු කරලා තියෙනවා .

එහෙම නාස්ති කරන්න අපි කටයුතු කරන්නේ නැහැ.යහපාලන රජය ආවා විතරයි ස්වාභාවික විපත් ආවා. ගංවතුර ආවා.නාය ගියා.ඒ වගේම අන්තවාදී විසින් විශාල ප්‍රහාරයක් කළා.

අපි බොහොම අමාරුවෙන් ගොඩ නගා ගෙන ආව සංවර්ධන කටයුතු නැවතෙන තැනට කටයුතු කළත් සමහර රටවල් වල ජාතීන් 50 ක් විතර ජීවත් වෙනවා.ඒත් කිසිම කල කෝලාහලයක් නැතිව සාමකාමීව ජනතාව ජීවත් වෙනවා.අපිත් එහෙම ජීවත් වුණා.

30 වසරක යුද්ධයකින් පසුව දැන් ආයෙත් මේ ආගමික සංකල්පයක් මුල් කර ගෙන අන්තවාදී කල්ලියක් අපේ රටේ අහිංසක මිනිසුන් ඝාතනය කලා.හැබැයි අපි පස්සට යන්නේ නැහැ.මේ ඔක්කොම තියෙද්දි අපි දේශපාලන වශයෙන් කුහකකමක් වෛරයක් ක්‍රෝධයක් බවට පත් කරලා තිබ්බ සමාජයක් තමයි අපි භාර ගත්තේ.

හැබැයි අපි පළි ගන්න ගියේ නැහැ.නමුත් අපි දන්නවා සමහර වසම්වල වැඩ කරන ක්ෂේත්‍ර නිලධාරීන් ගමට එන්නේ දේශපාලනය කරන්න.ඔවුන් මේ සමෘද්ධිය හරහා දුප්පත් මිනිස්සු තලා පෙලලා දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න ඔවුන් හැමදාම දුප්පත්කම පවත්වා ගෙන යන්න උත්සාහ කළා.

නමුත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1990 ජනසවිය පටන් ගත්තේ නැති බැරි අය ඇති හැකි අය කරන්න .එදා එතුමා ජන සවිය දෙන්න බැලුවේ අඩු ආදායම්ලාභි වීම පමණයි.නමුත් 94 න් පස්සේ ඒක වෙනස් උනා .අවුරුදු 20 ක් තිස්සේ සමෘද්ධිය ලබපු අය. නමුත් ඔවුන්ගේ ආර්ථික නැගීමක් තවම නැහැ

.මහින්ද මහත්තයා ඇතුළු පිරිස කරපු එකම දේ තමයි දුප්පත්කම පවත්වා ගෙන ගියපු එක.අපි අද අපේ අගමැතිතුමා නොයෙකුත් හේතූන් මත අසාධාරණයට පත් වුනු ලක්ෂ 06 කට සමෘද්ධිය දෙන්න කටයුතු කළා.පසුගිය කාලයේ රැකියා ලබා දුන්නේ දේශපාලන පදනමෙන්.

නමුත් අපි මේ සැරේ උපාධි තියෙන කිසිම කෙනෙක් රැකියා නැතුව තියන් නෑ.රජයේ මුදලින් ඉගෙන ගෙන රැකියා නැතිව තියන්න රටට වැඩක් ගන්නේ නැතුව අපි තියන්නේ නැහැ.

කාලයක් තිබ්බා යූ.එන්.පී. කාරයාට වතුර ටිකක් නොදීපු හැබැයි අපි එහෙම කරන්නේ නැහැ.අපි මේවා කරන කොට අපි තමුන්නාන්සේලාගේ සේවකයෝ හැටියට තමයි වැඩ කරන්නේ.අද ඒක නිසා තමයි අපි ඔබේ ගමට ඇවිත් තියෙන්නේ.රජයක් අපි අපේ වැඩ කරලා තියෙනවා.

මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙනවා අපෙන් බලපෑමක් නැහැ .යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.“

Read more

Local News