නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත්කෙරේ

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත. ඒ අනුව අද්මිරාල් ධූරයට උසස්විම් ලැබීමෙන් අනතුරුව එලබෙන අගෝස්තු 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා අදාළ තනතුරෙහි වැඩ බාර ගැනිමට නියමිතය.

2007 ජුලි 15 දිනට ප්‍රථමයෙන් මෙම ආයතනය ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානය ලෙස නම් කර තිබු අතර, එය පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ලෙස නම් කෙරෙනි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්විම් ලබන 2 වන නාවික හමුදාධිපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය. මෙයට පෙර 2005 වසරේදී මෙහි ප්‍රධානී ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා කටයුතු කර ඇත. එමෙන්ම එම ධූරයට පත්වන 7 වන ත්‍රිවිධ හමුදා ප්‍රධානී වශයෙන්ද ඔහු ඉතිහාසයට එක් වේ. තවද, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සිටින ඉහළම නිලය වන්නේද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.

Read more

Local News