විපතට පත්වූ අයට රු.10,000.00 බැගින් වන්දි  හෙට සිටම

Share

අයහපත් කාලගුණය හෙතුවෙන් විපතට පත්වූ අයට රු.10,000.00 බැගින් වන්දි දීම හෙට (3) දිනයේ දීම සිදු කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ වනවිටත් ආපදා සහන සැලසීම සඳහා සියලු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල අද (2) සහ හෙට (3) විවෘතව තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ සහනධාර එම කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවශ්‍යතාව හිමි වෙයි. යම් ආපදාවක් සිදුවුවහොත් ඒ බව ක්ෂේත්‍ර නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 1902 හදිසි ඇමතුම් අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News