බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා අද දිවුරුම් දෙයි

Share

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද(24) දිවුරුම්දීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේදී පැවැත්වුණු අතර නව නායකයා තෝරා පත් කරගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 92153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගැනීමට සමත් විය.

එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් රජයේ විදෙස් කටයුතු ඇමති ජෙරමි හන්ට් ට දිනාගැනීමට හැකිවුණේ ඡන්ද 46656ක් පමණයි.

බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමුවැනි විදෙස් අමාත්‍යවරයාද වේ.

Read more

Local News