නුවන් කුලසේකරට එක්දින පිටියට සමුදෙන්න තරගයක්

Share

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(24) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර විසින් දේශීය එක තගයක් සඳහාවත් සභාගී නොවීම හේතුවෙන් එහි ප්‍රයෝගික ප්‍රායෝගික ගැටළුක් ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් තෙවන එක්දින තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හට කරන උපහාරයක් ලෙස අවසන් තරගය ඔහු වෙනුවෙන් නම් කිරීම සඳහා සූදානම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට අවසන් තරගය සෙල්ලම් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

Read more

Local News