අවසන් තරගය නරඹන්න කුලසේකරට මාලිංගගෙන් ආරාධනා

Share

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තමන්ට ඉහළ පිළිගැනීමක් හිමි කර දීමට නුවන් කුලසේකර විශාල දායකත්වයක් ලබා දුන් බවත් එළඹෙන 26 වැනිදා සිය අවසන් එක්දින තරගය නැරඹීමට නුවන් කුලසේකරට ඇරයුම් කර සිටින බවත් ලසිත් මාලිංග පවසයි.

නුවන් කුලසේකර ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් මේ අදහස් පළ කළේය.

Read more

Local News