විශේෂ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 5200 ඉක්මවයි

Share

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 5262 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(24) උදෑසන 6.00 සිට අද(25) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 220ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5262 ක් වන බව පොලිසිය සඳහන් කරයි.

Read more

Local News