පෙරහැරක් හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ

Share

කෑගල්ල වෑවලදෙනිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මීපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කර ඇත.

ඒ අනුව 27 වනදා එනම් සෙනසුරාදා දින රාත්‍රී 7 සිට පෙරහැර අවසන් වන දින තෙක් ඉහත මාර්ගයේ ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන රංවල විකල්ප මාර්ගය ඔස්සේ මීපිටිය මාර්ගය දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

එසේම මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන මීපිටිය විකල්ප මාර්ගය දක්වා ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.

Read more

Local News