බුද්ධි තොරතුරු ගැන මාව දැනුවත් කරලා නෑ

Share

පාස්කු ප්‍රහාරයට පෙර ඇතැම් වැදගත් බුද්ධි තොරතුරු පිළිබඳව තමා දැනුවත් කර නොතිබූ බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි.

ඔහු පවසන්නේ බුද්ධි තොරතුරක් පිළිබඳ ලිපිය තමාට ලැබුණු පසුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට ඒ බව දැනුම් දුන් බවයි.

විශේෂ කාර්යය බලකාය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ හෙයින් එම පියවර ගත් බව ලතීෆ් මහතා කියා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතා මේ බව පැවසුවේය.

ඔහු තවදුරටත් එහිදී කියා සිටියේ ඇතැම් බුද්ධි තොරතුරු පිළීබඳ තමා දැනුවත්ව නොසිටි බවයි.

අප්‍රේල 18 වනදා බුද්ධි ප්‍රධානීයා තමා අමතා අප්‍රේල් 16 වනදා සිද වූ පිපිරුම පිළිබඳව තමා දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් තමා සතුව පැවැති තොරතුරු අප්‍රේල් 19 වනදා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී සාක්ෂි දෙමින් ලතීෆ් මහතා පැවසුවේය.

Read more

Local News