අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න දෙන්නේ නෑ

Share

අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්නට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව තමන් වගකීමෙන් පවසන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හි අද(25) පැවති 2019 වසරේ ජාතික සමථ දින උත්සවය අමතමිනි.

රට තුල සිදුවන සිද්ධි සඳහා රටේ පවතින නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න රට තුල හොඳ අධිකරණයක් තිබෙන බවද ඇය පැවසීය.

වර්මානයේ දේශපාලනමය උවමනා ඉටුකර ගැනීම සඳහා වැරදි චිත්‍රයක් මවමින් රට තුල පරීක්ෂණ නිසි ලෙස නොකෙරෙන බව එය සිදු වන්නේ විදේශ රටවලට ඕන විදිහට බවත් පෙන්වීමට උත්සහ කරන පිරිසක් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එවැන්නකට තම රජය කිසිඳු විටකදි අවස්ථාවක් ලබා නෙදෙන බවද, කවුරුන් කෙසේ පැවසුවද අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න වර්තමානයේ හැකි වි ඇති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News