මේ මොහොතේ කිසි විටකත් විදුලි මිල වැඩි කරන්නේ නෑ

Share

මේ මොහොතේ කිසි විටකත් විදුලි මිල වැඩි කිරීමක් සිදු නොකරන බව විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (25) පෙරවරුවේ අමාත්‍යවරායා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය.

එහිදී වැඩි දුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ රුපියල් කෝටි 8100ක මුදලක් තම අමාත්‍යංශයට ලබා ගැනීමට ඇති බවත් එබැවින් බැංකු මඟින් අනවශ්‍ය ලෙස ණය මුදල් ලබා ගනිමින් පොලී ගෙවීමට සිදුව ඇති බවත්ය.

මේ හේතුවන් අදක්ෂතාවය අභ්‍යන්තරව තිබියදී පිටස්තර ලෝකය පාවිච්චි කර ලෝක බැංකුවට අවශ්‍ය පරිදි විදුලි මිල වැඩි කර ඒ තුළින් පාරිභෝගිකයාට ගැටලු ඇති කිරීමට තමන්ට කිසි සේත්ම අවශ්‍ය නොවන බව රවී කරුණානායක මහතා පවසයි.

ගෘහස්ථ විදුලි මිල ඉහළ දැමීටම තමන්ට අවශ්‍ය නොවන අතර පුනර්ජනනීය වැඩසටහන තුළින් සම්පූර්ණ වියදම බාර ගැනීමේ වැඩ පිළිවෙලක් සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News