රක්ෂිත දෙකක ගින්නක්

Share

මොණරාගල පොලිස් වසමේ අන්දර මණ්ඩිය, කුඹුක්කන දෙගල් අරඹ රක්ෂිතයේ ඊයේ(25) දින හදිසි ගින්නක් හට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී ඇති නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, අඩවි වන නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මොණරාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර බුත්තල පොලිස් වසමේ කටුගහගල්ගේ වැවට උඩින් කඳු රක්ෂිතයේ ද ඊයේ රාත්‍රී 9.55ට පමණ හදිසි ගින්නක් ඇතිව තිබේ.

බුත්තල පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය ප්‍රදේශවාසීන් හා මොණරාගල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ ගින්න මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News