පොහොට්ටුව පක්ෂ 10ක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම විජේරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදු කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ වලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ දහයක් මෙහි දී සන්ධානගත වන බව ඊයේ පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා අනාවරණය කළේය.

මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ මෙසේ අවබෝධතා ගිවිසුමට එක්වී ඇත.

Read more

Local News