ජනපති කොමිසමට හිටපු අගවිනිසුරුගෙන් ලිඛිත ප්‍රකාශයක්

Share

2015/2018 කාලයේ රාජ්‍ය ආයතන වල දුෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන බව හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ප්‍රකාශ කර ඇත.

එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අද පෙරවරු 08.30ට පමණ හිටපු අගවිනිසුරුවරයාගේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් තිබු බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

ඒ අනුව කොමිසමේ ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු ලබා දීමට හිටපු අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

2015 වසරේදී මහපොළ භාරකාර අරමුදලේ සිදුවු මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති මාළඹේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ හිමිකාරිත්වය පෞද්ගලික කමිටුවකට පැවරීම හරහා එහි අරමුදල් පෞද්ගලික බැංකුවක් වෙත යොමු කිරිමෙන් මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වන්නේ එම කාලය තුල ධුර දරන අගවිනිසුරුවරයායි.

Read more

Local News