හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල පහසුකම් තැතුව දඩිබිඩියේ විවෘත කරලා

Share

හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල විවෘත කර ඇත්තේ පහසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහලේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල පසුගියදා ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ පිරිත් සජ්ඡායනාවක් පැවැත්වුණි.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු දැක්වුයේ මෙලෙසයි.

“මාධ්‍යවේදියා – සර්,ජනාධිපතිතුමයි,සෞඛ්‍ය ඇමතිතුමයි ඇවිල්ලා රෝහල විවෘත කළා, නමුත් වැඩ නැහැ,
අද ඔබතුමා ඇවිල්ලා පිරිත් දේශනා කරලා හෙට වැඩ පටන් ගනීවිද?

විපක්ෂ නායක-ඒක අහන්න ඕනෙ දොස්තර මහත්තුරුන්ගෙන්

මාධ්‍යවේදියා-ඇයි මේක විවෘත කරලා වැඩ පටන් ගන්නේ නැත්තේ?

විපක්ෂ නායක-අඩුපාඩු එක්ක වැඩ කරන්න බැහැ. පහසුකම් තැතුව දඩිබිඩියේ විවෘත කරලා ගියාට වැඩක් නෑ.

ගමේ අපි හදපු රෝහලේ අද පිරිතක් කියනවා.

චමල් රාජපක්ෂ, නාමලුයි මහන්සි වුණේ රෝහල හදන්න.

එහෙම හදපු ඉස්පිරිතාලේ ජනතාවගේ පිරිතට සහභාගි වෙන්න ආවා.

මාධ්‍යවේදියා – සෞඛ්‍ය ඇමතිතුමා විවෘත කරපු දවසේ කිව්වා, මේ රෝහලට කල් ඉකුත්වුණු වෛද්‍ය උපකරණ ගෙනාව නිසා තමයි…..?

විපක්ෂ නායක- ඒක අමු පට්ටපල් බොරුවක්

කොමිස් ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වෙලා තිබෙන්නේ.

අවුරුදු හතරට නවාතැන් පහසුකම් හදලා නැහැ.

වැඩ කරන්නේ නැතිව චෝදනා කරනවා.

මාධ්‍යවේදියා – ජනාධිපතිවරණය සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම…?

විපක්ෂ නායක-11 වෙනිදා දක්වා බලන් ඉන්න.

මාධ්‍යවේදියා-ගිවිසුමක් අත්සන් කළානේ දැන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කවදද අත්සන් කරන්නේ ?

විපක්ෂ නායක-සාකච්ඡා කරමින් යනවා”

Read more

Local News