සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹ දී

Share

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පැවැත් වේ.

මේ අතර සමුළුවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිත ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා ඊයේ (29) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා ඊයේ පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

අන්තර් ආගමික සංවාද පිළිබඳ අත්දැකීම් රැසක් ඇති ඔහු ආගමික සහජීවනය වෙනුවෙන් කළ සේවාව සඳහා අන්තර් ජාතික සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සමුළුව අද පස්වරුවේ පැවැත් වේ.

Read more

Local News