අනුර සේනානායකට එරෙහි නඩුව ඔක්තෝබර් 23 වන දා විභාගයට

Share

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 23 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(30) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේදය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ දක්වා කිසිදු ඇප කොන්දේසියක් කඩ කර නොමැති බවයි.

මේ හේතුවෙන් ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරු දින රහස් පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට අධිකරණය විසින් පනවනු ලැබූ ඇප කොන්දේසිය ලිහිල් කරන මෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා සෑම සතියකම ඉරු දින රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට නිකුත් කරනු ලැබූ ඇප කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා පමණක් රහස් පොලිසිය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බවට සංශෝධනය කරනු ලැබුවේය.

අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 23 වනදා සිට ආරම්භ කරන බව විනිසුරුවරයා නියෝග කළේය.

Read more

Local News