අපේ රටට ගැළපෙන අයව අපි සොයාගන්න ඕන

Share

රටේ ආගමික ප්‍රතිපත්ති අගය කරන නායකයෙක් බලයට පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වාහන්සේ ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මම එක්තරා ප්‍රදේශයක පියතුමෙක් ලෙස සේවය කරනකොට ඒ ප්‍රදේශයේ මන්ත්‍රිතුමා එදා ඡන්දෙට ඉදිරිපත් වුණේ නැහැ.

මම ඇහුවා ඇයි ඡන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ කියලා.

එතුමා කිවුවා මොකටද ඡන්දෙ ඉල්ලන්නේ මම ඕනතරම් සල්ලි හම්බ කරලයි තියෙන්නේ කියලා.

මට හිතුණා දෙකක් අනින්න හිතුණා ඒ මනුස්සයාට.

මෙහෙම ගියොත් මේ රට ඉතිරි වෙන්නෙ නැහැ.

මේ වගේ අවස්ථාවක නායකත්වයට ගේන්නෙ කවුද කියලා අපි තීරණය කළ යුතුයි.

ඒ දේශපාලන පක්ෂවලට වුවමනා විදිහට නෙවෙයි.

අපේ රටට ගැළපෙන අයව අපි සොයාගන්න ඕන.

ස්වාධීන හා විවිධ චින්තනයන්ට හිස නොනමන මේ රටේ ආගමික ප්‍රතිපත්තීන් අගය කරන නායකත්වයක් ගෙන ආ යුතුයි.”

Read more

Local News